AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘ක්‍රි සුල්තාන් ඉස්කන්දාර් මුඩා-367’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (28) ශ්‍රී ලංකාවට පැමිණියා.

කොළඹ වරායට සේන්දු වූ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 120 දෙනෙකුගෙන් සමන්විත ක්‍රි සුල්තාන් ඉස්කන්දාර් මුඩා-367 නෞකාවේ අණ දෙන නිලධාරියා ලෙස කමාන්ඩර් අනුගේරාහ් අන්නුරුල්ලා කටයුතු කරනු ලබනවා.

මෙම නෞකාව මීටර් 90.71ක දිගකින් යුක්තවන අතර, නෞකාව මෙරට නැංගුරම් ලා තිබෙන කාලසීමාව තුළ එහි කාර්ය මණ්ඩලය දිවයිනේ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් නැරඹීමට අපේක්ෂා කෙරෙනවා.

නිල සංචාරය නිමා කරමින් නාවික ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් මෙම නෞකාව හෙට (30) දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?