ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘ක්‍රි සුල්තාන් ඉස්කන්දාර් මුඩා-367’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (28) ශ්‍රී ලංකාවට පැමිණියා.

කොළඹ වරායට සේන්දු වූ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 120 දෙනෙකුගෙන් සමන්විත ක්‍රි සුල්තාන් ඉස්කන්දාර් මුඩා-367 නෞකාවේ අණ දෙන නිලධාරියා ලෙස කමාන්ඩර් අනුගේරාහ් අන්නුරුල්ලා කටයුතු කරනු ලබනවා.

මෙම නෞකාව මීටර් 90.71ක දිගකින් යුක්තවන අතර, නෞකාව මෙරට නැංගුරම් ලා තිබෙන කාලසීමාව තුළ එහි කාර්ය මණ්ඩලය දිවයිනේ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් නැරඹීමට අපේක්ෂා කෙරෙනවා.

නිල සංචාරය නිමා කරමින් නාවික ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් මෙම නෞකාව හෙට (30) දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08