ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති අතර හමුවක්

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවුණා.

මෙම හමුව සිදු වූයේ ජයිශංකර්, රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පුළුල් සාකච්ඡා පැවැත්වීමෙන් පැය කිහිපයකට පසුවයි.

ට්‍රම්ප්ගේ තීරුබදු සහ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දියාවට බලපෑම් කිරීම මධ්‍යයේ මෙම හමුව සිදුවුණා.

“දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉන්දියාව සහ රුසියාව අතර සබඳතා ලෝකයේ ප්‍රධාන සබඳතාවලින් ස්ථාවරම එකක් වී ඇති බව අපි විශ්වාස කරමු,” ලැව්රොව් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ජයශංකර් මහතා පැවසුවා.

රුසියාවේ දින තුනක සංචාරයක නිරත වන එස්. ජයිශංකර් ඉන්දියා-රුසියා අන්තර් රාජ්‍ය වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතා කොමිසමේ (IRIGC-TEC) 26 වන සැසිවාරයේ සම සභාපතිත්වය දැරූ අතර මොස්කව්හි පැවති ඉන්දියා-රුසියා ව්‍යාපාරික සංසද රැස්වීම ඇමතුවා.

කොවිඩ් වසංගතය, ගැටුම්, දේශපාලන හා ආර්ථික මාරුවීම් වැනි මෑත කාලීන කැළඹිලි වලින් ඉගෙන ගත් “පොදු පාඩම්” කිහිපයක් බෙදා ගනිමින් විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් විශ්වාසදායක සහ ස්ථාවර හවුල්කරුවන්ගේ වැදගත්කම ව්‍යාපාරික සංසදයේදී ඉස්මතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?