ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති අතර හමුවක්

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවුණා.

මෙම හමුව සිදු වූයේ ජයිශංකර්, රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පුළුල් සාකච්ඡා පැවැත්වීමෙන් පැය කිහිපයකට පසුවයි.

ට්‍රම්ප්ගේ තීරුබදු සහ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දියාවට බලපෑම් කිරීම මධ්‍යයේ මෙම හමුව සිදුවුණා.

“දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉන්දියාව සහ රුසියාව අතර සබඳතා ලෝකයේ ප්‍රධාන සබඳතාවලින් ස්ථාවරම එකක් වී ඇති බව අපි විශ්වාස කරමු,” ලැව්රොව් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ජයශංකර් මහතා පැවසුවා.

රුසියාවේ දින තුනක සංචාරයක නිරත වන එස්. ජයිශංකර් ඉන්දියා-රුසියා අන්තර් රාජ්‍ය වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතා කොමිසමේ (IRIGC-TEC) 26 වන සැසිවාරයේ සම සභාපතිත්වය දැරූ අතර මොස්කව්හි පැවති ඉන්දියා-රුසියා ව්‍යාපාරික සංසද රැස්වීම ඇමතුවා.

කොවිඩ් වසංගතය, ගැටුම්, දේශපාලන හා ආර්ථික මාරුවීම් වැනි මෑත කාලීන කැළඹිලි වලින් ඉගෙන ගත් “පොදු පාඩම්” කිහිපයක් බෙදා ගනිමින් විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් විශ්වාසදායක සහ ස්ථාවර හවුල්කරුවන්ගේ වැදගත්කම ව්‍යාපාරික සංසදයේදී ඉස්මතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56