AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (19) සහ හෙට (20) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරින් හමුවීමට නියමිත බවයි.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම් (IOR) පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් (ශ්‍රී ලංකා) නිධි චෞද්‍රි සහ නියෝජ්‍ය ලේකම් රඝූ පූරි යන මහත්වරුන් ද මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?