ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (07) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවුණා.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කැප්ටන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වුණා.

පෞරාණික ඉතිහාසයකට උරුමකම් ඇති ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් අවධාරණය කරමින්, දෙරට අතර පවතින දීර්ඝ කාලීන ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයේ නියෝජිතයින් පැවති සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම කලාපීය ආරක්‍ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව ඔස්සේ ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද මෙහිදී ඔවුන් අදහස් හුවමාරු කර ගත්තා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ දී විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාකාරකම්, සමුද්‍රීය ආරක්‍ෂක අභියෝග මෙන්ම හදිසි ආපදා තත්ත්වයන්හි දී අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාවේ නොසැලෙන සහයෝගය ලබාදෙන බවට ඉන්දීය මහ කොමසාරිස්වරයා අවධාරණය කළා.

ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දියාව විසින් මේ දක්වා ලබාදුන් අඛණ්ඩ සහාය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර, කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වයේ වැදගත් කාර්යභාරය ද තහවුරු කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15