Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට කොවිඩ්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ආසියානු කුසලානය සදහා ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීම ප්‍රමාදකර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඊයේ නිමා වූ ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේ දී ඩ්‍රාවිඩ් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ අතර, වී.වී.එස්. ලක්ෂ්මන් ඔහු වෙනුවට ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළා.

විවේකයක් අවශ්‍ය බව දන්වමින් රාහුල් ඩ්‍රාවිඩ් සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්වූයේ නැහැ.

කෙසේ වෙතත් ඩ්‍රාවිඩ්ට එක්සත් ආරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණ ආසියානු කුසලානයට සහභාගීවන ඉන්දීය කණ්ඩායම සමඟ සම්බන්ධ වනතෙන් වී.වී.එස්. ලක්ෂ්මන් ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගි වන පළමු තරගය අගෝස්තු 28 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?