ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට කොවිඩ්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ආසියානු කුසලානය සදහා ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීම ප්‍රමාදකර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඊයේ නිමා වූ ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේ දී ඩ්‍රාවිඩ් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ අතර, වී.වී.එස්. ලක්ෂ්මන් ඔහු වෙනුවට ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළා.

විවේකයක් අවශ්‍ය බව දන්වමින් රාහුල් ඩ්‍රාවිඩ් සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්වූයේ නැහැ.

කෙසේ වෙතත් ඩ්‍රාවිඩ්ට එක්සත් ආරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණ ආසියානු කුසලානයට සහභාගීවන ඉන්දීය කණ්ඩායම සමඟ සම්බන්ධ වනතෙන් වී.වී.එස්. ලක්ෂ්මන් ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගි වන පළමු තරගය අගෝස්තු 28 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14