එළෙඹෙන වසරේ ඉන්දීය තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති බව වාර්තා වනවා.
මෙම සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.
දෙරට අතර ලබන 03 වනදා ආරම්භ වන තරගාවලියට විස්සයි විස්ස තරග 03ක් සහ එක්දින තරග 03ක් ඇතුළත් වනවා.
මෙම සංචිතය සඳහා නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම එක්කර තිබීම ද විශේෂත්වයක්.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති ශ්‍රී ලංකා සංචිතය.
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා,අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ (T20),අශේන් බණ්ඩාර, නුවනිදු ප්‍රනාන්දු (ODI), සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, ජෙෆ්රී වැන්ඩර්සේ (ODI), කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මදුෂාන්, දිල්ෂාන් මදුසංක, නුවන් තුෂාර (T20), චාමික කරුණාරත්න




