ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ගෙදර යවයි – විස්සයි විස්සට නව නායකයෙක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චේතන් ෂර්මාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කළ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව වහාම ඉවත් කිරීමට ඊයේ (18) පියවර ගෙන තිබෙනවා.

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලද දරුණු පරාජය හමුවේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී චේතන් ෂර්මාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම තේරීම් කමිටුව පත්කළ අතර, හර්වින්දර් සිං, සුනිල් ජෝෂි සහ දෙබාෂිෂ් මොහාන්ති එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළා.

මෙම තේරීම් කමිටුව ඉවත් කිරීමට ගත් තීරණයෙන් පසු නව තේරීම් කමිටුවක් පත් කිරීම සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මේ සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ටෙස්ට් තරඟ 07ක්, පළමු පෙළ තරඟ 30ක් හෝ එක්දින තරඟ 10ක් සහ පළමු පෙළ තරඟ 20ක් ක්‍රීඩා කර තිබිය යුතු වනවා.

එමෙන්ම එම තනතුර සඳහා අයදුම්කරන අයදුම්කරුවන් වයස අවුරුදු 60ට අඩු විය යුතු අතර, අවම වශයෙන් වසර 05කට පෙර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් තිබිය යුතු බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ

මේ සඳහා අයදුම්පත් නොවැම්බර් 28 සඳුදා සවස 6.00ට පෙර ඉදිරිපත් කළ යුතු බවයි දන්වා ඇත්තේ.

මෙම නව තේරීම් කමිටුව පත්වීමෙන් පසු ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකතවයේ වෙනස් සිදුවෙතැයි බොහෝ දෙනෙකු මත පළකරනවා.

ඒ, අනුව නව නායකයා ලෙස තුන් ඉරියව ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පත් කෙරෙණු ඇති බවයි විශ්වාස කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06