spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ගෙදර යවයි – විස්සයි විස්සට නව නායකයෙක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චේතන් ෂර්මාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කළ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව වහාම ඉවත් කිරීමට ඊයේ (18) පියවර ගෙන තිබෙනවා.

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලද දරුණු පරාජය හමුවේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී චේතන් ෂර්මාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම තේරීම් කමිටුව පත්කළ අතර, හර්වින්දර් සිං, සුනිල් ජෝෂි සහ දෙබාෂිෂ් මොහාන්ති එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළා.

මෙම තේරීම් කමිටුව ඉවත් කිරීමට ගත් තීරණයෙන් පසු නව තේරීම් කමිටුවක් පත් කිරීම සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මේ සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ටෙස්ට් තරඟ 07ක්, පළමු පෙළ තරඟ 30ක් හෝ එක්දින තරඟ 10ක් සහ පළමු පෙළ තරඟ 20ක් ක්‍රීඩා කර තිබිය යුතු වනවා.

එමෙන්ම එම තනතුර සඳහා අයදුම්කරන අයදුම්කරුවන් වයස අවුරුදු 60ට අඩු විය යුතු අතර, අවම වශයෙන් වසර 05කට පෙර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් තිබිය යුතු බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ

මේ සඳහා අයදුම්පත් නොවැම්බර් 28 සඳුදා සවස 6.00ට පෙර ඉදිරිපත් කළ යුතු බවයි දන්වා ඇත්තේ.

මෙම නව තේරීම් කමිටුව පත්වීමෙන් පසු ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකතවයේ වෙනස් සිදුවෙතැයි බොහෝ දෙනෙකු මත පළකරනවා.

ඒ, අනුව නව නායකයා ලෙස තුන් ඉරියව ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පත් කෙරෙණු ඇති බවයි විශ්වාස කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?