ඉන්දීය කණ්ඩායමට ඇෆ්ගනුන්ගෙන් ලකුණු 272ක ඉලක්කයක් – බුම්රා විශිෂ්ට පන්දු යැවීමක

ප්‍රබල ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ලකුණු 272ක ඉලක්කයක් මීට ටික වේලාවකට පෙර හිමි වුණා.

ඒ මේ වනවිට දිල්ලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 09 වැනි තරගයේ දියි.

තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගන් ආරම්භක පිතිකරුවන්ට හිතූ තරම් සාර්ථක වීමට ඉඩ නොලැබුණ ද, ලකුණු පුවරුව ගොඩනැගීමේ වගකීම කරට ගත් නායක ෂහිඩි සමගින් එක් වූ අස්මතුල්ලා විශිෂ්ට ලකුණු 121ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

අස්මතුල්ලා සිය කුළුදුල් එක්දින ලෝක කුසලානයේ දී දෙවැනි අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු දැවී ගියේ ලකුණු 62ක් ලබාගෙන සිටියදී හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේයි.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ෂහිඩි ලකුණු 80ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්‍රා ලකුණු 39කට කඩුලු 04ක් දවා ගත්තා.

ශර්දුල් තකූර් සහ යාදව් අතරේ එක් කඩුල්ල බැගින් බිඳී ගියා.

ඒ අනුව තරගය අද ජයගැනීමට නම් ඉන්දීය කණ්ඩායම පන්දු 300ක දී ලබාගත යුතු ඉලක්කය ලකුණු 273ක්.

සිය පන්දුවාර 50 අවසාන වන විට ඇෆ්ගන් ඉනිමේ කඩුලු 08ක් බිඳ වැටී තිබුණා.

එක්දින පන්දු යැවීම් හි ශ්‍රේණිගත ලැයිස්තුවේ දෙවැනි තැන හොබවන සිරාජ්ට අද තරගයේ දී කිසිදු කඩුල්ලක් ලබාගත නොහැකි වූ අතර, ඔහුගේ පන්දු යැවීමෙන් ඇෆ්ගන් ලකුණු පුවරුවට ලකුණු 76ක් ද එක් වුණා.

එය අද තරගයේ දී ඉන්දීය පන්දු බලඇණිය අතරින් ප්‍රතිවාදීන්ට සිය පන්දුවාර 10 (සිරාජ් පන්දු වාර 09යි) තුළ දී පන්දු යවන්නෙකු ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?