ඉන්දීය කණ්ඩායමට ඇෆ්ගනුන්ගෙන් ලකුණු 272ක ඉලක්කයක් – බුම්රා විශිෂ්ට පන්දු යැවීමක

ප්‍රබල ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ලකුණු 272ක ඉලක්කයක් මීට ටික වේලාවකට පෙර හිමි වුණා.

ඒ මේ වනවිට දිල්ලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 09 වැනි තරගයේ දියි.

තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගන් ආරම්භක පිතිකරුවන්ට හිතූ තරම් සාර්ථක වීමට ඉඩ නොලැබුණ ද, ලකුණු පුවරුව ගොඩනැගීමේ වගකීම කරට ගත් නායක ෂහිඩි සමගින් එක් වූ අස්මතුල්ලා විශිෂ්ට ලකුණු 121ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

අස්මතුල්ලා සිය කුළුදුල් එක්දින ලෝක කුසලානයේ දී දෙවැනි අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු දැවී ගියේ ලකුණු 62ක් ලබාගෙන සිටියදී හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේයි.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ෂහිඩි ලකුණු 80ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්‍රා ලකුණු 39කට කඩුලු 04ක් දවා ගත්තා.

ශර්දුල් තකූර් සහ යාදව් අතරේ එක් කඩුල්ල බැගින් බිඳී ගියා.

ඒ අනුව තරගය අද ජයගැනීමට නම් ඉන්දීය කණ්ඩායම පන්දු 300ක දී ලබාගත යුතු ඉලක්කය ලකුණු 273ක්.

සිය පන්දුවාර 50 අවසාන වන විට ඇෆ්ගන් ඉනිමේ කඩුලු 08ක් බිඳ වැටී තිබුණා.

එක්දින පන්දු යැවීම් හි ශ්‍රේණිගත ලැයිස්තුවේ දෙවැනි තැන හොබවන සිරාජ්ට අද තරගයේ දී කිසිදු කඩුල්ලක් ලබාගත නොහැකි වූ අතර, ඔහුගේ පන්දු යැවීමෙන් ඇෆ්ගන් ලකුණු පුවරුවට ලකුණු 76ක් ද එක් වුණා.

එය අද තරගයේ දී ඉන්දීය පන්දු බලඇණිය අතරින් ප්‍රතිවාදීන්ට සිය පන්දුවාර 10 (සිරාජ් පන්දු වාර 09යි) තුළ දී පන්දු යවන්නෙකු ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21