ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති අනුරට විශේෂ ලිපියක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඇති වූ ආපදා තත්ත්වය සහ එම ආපදා තත්ත්වයෙන් මිදී රට යළි නඟා සිටුවීමට ඉන්දීයාවේ සහය ලබා දීම පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම ලිපියේ උපුටා ගැනීමක් අපට යොමුකර ඇති අතර එම උපුටා ගැනීම පහතින්,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
අතිගරු අනුර කුමාර දිසානායක මහතා

අතිගරු ජනාධිපතිතුමනි,

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඔබේ රට යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, සහන සැලසීමේ සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළහිදී ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මම විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මගේ විශේෂ නියෝජිතයා ලෙස එවමි.

අපගේ ‘අසල්වැසියාට ප්‍රමුඛතාවය’ යන (Neighbourhood First) ප්‍රතිපත්තිය සහ පළමුව ප්‍රතිචාර දැක්වීම සඳහා වන කැපවීම (First Responder) අනුව යමින් අපි, හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීම සඳහා ‘සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම දියත් කළෙමු. ඉන්දියානු නෞකා, ගුවන් යානා සහ හෙලිකොප්ටරවලින් සහන සැපයුම් සහ කඩිනමින් අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එන ලදී. ඒවා ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා සහායක් වූ අතර, හදිසි වෛද්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සහ බිඳවැටුණු සන්නිවේදන පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා විශේෂ ඉන්දියානු කණ්ඩායම් යොදවන ලදී. ‘සාගර් බන්ධු’ මෙහෙයුම ආපදාවට පත් වූ ජනතාවගේ ජිවිත බේරා ගැනීමට ඉවහල් වූ අතර එය අප දෙරට අතර සබඳතාවන්හි පුළුල් සහ ගැඹුරු ප්‍රකාශනයක් ලෙස පිළිගැනීමට ලක් වීම පිළිබඳව අපි සතුටු වෙමු.

ශ්‍රී ලංකාව දැන් මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව මම ඔබට සහතික කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු. මෙම තත්ත්වය තුළ, ඉන්දියාව විසින් පුළුල් ආධාර පැකේජයක් (comprehensive assistance package) ලබා දෙන බව මම ඔබට සතුටින් දන්වා සිටිමි. එම ආධාර පැකේජය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව ඔබේ රජය සමඟ සාකච්ඡා කරන ලෙස මා විසින් අමාත්‍ය ජයශංකර් මහතාට දන්වන ලදී.

ශ්‍රී ලංකාව පෙරටත් වඩා සවිමත්ව යළි නැගී සිටිනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම ගමන් මඟෙහිදී මෙන්ම,ජාතික සංවර්ධනයේදී සහ ප්‍රගතියේදීද, සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ තහවුරුව පිළිගන්න.

නරේන්ද්‍ර මෝදී
ඉන්දීය අග්‍රාමාත්‍ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42