ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති අනුරට විශේෂ ලිපියක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඇති වූ ආපදා තත්ත්වය සහ එම ආපදා තත්ත්වයෙන් මිදී රට යළි නඟා සිටුවීමට ඉන්දීයාවේ සහය ලබා දීම පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම ලිපියේ උපුටා ගැනීමක් අපට යොමුකර ඇති අතර එම උපුටා ගැනීම පහතින්,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
අතිගරු අනුර කුමාර දිසානායක මහතා

අතිගරු ජනාධිපතිතුමනි,

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඔබේ රට යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, සහන සැලසීමේ සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළහිදී ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මම විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මගේ විශේෂ නියෝජිතයා ලෙස එවමි.

අපගේ ‘අසල්වැසියාට ප්‍රමුඛතාවය’ යන (Neighbourhood First) ප්‍රතිපත්තිය සහ පළමුව ප්‍රතිචාර දැක්වීම සඳහා වන කැපවීම (First Responder) අනුව යමින් අපි, හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීම සඳහා ‘සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම දියත් කළෙමු. ඉන්දියානු නෞකා, ගුවන් යානා සහ හෙලිකොප්ටරවලින් සහන සැපයුම් සහ කඩිනමින් අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එන ලදී. ඒවා ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා සහායක් වූ අතර, හදිසි වෛද්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සහ බිඳවැටුණු සන්නිවේදන පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා විශේෂ ඉන්දියානු කණ්ඩායම් යොදවන ලදී. ‘සාගර් බන්ධු’ මෙහෙයුම ආපදාවට පත් වූ ජනතාවගේ ජිවිත බේරා ගැනීමට ඉවහල් වූ අතර එය අප දෙරට අතර සබඳතාවන්හි පුළුල් සහ ගැඹුරු ප්‍රකාශනයක් ලෙස පිළිගැනීමට ලක් වීම පිළිබඳව අපි සතුටු වෙමු.

ශ්‍රී ලංකාව දැන් මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව මම ඔබට සහතික කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු. මෙම තත්ත්වය තුළ, ඉන්දියාව විසින් පුළුල් ආධාර පැකේජයක් (comprehensive assistance package) ලබා දෙන බව මම ඔබට සතුටින් දන්වා සිටිමි. එම ආධාර පැකේජය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව ඔබේ රජය සමඟ සාකච්ඡා කරන ලෙස මා විසින් අමාත්‍ය ජයශංකර් මහතාට දන්වන ලදී.

ශ්‍රී ලංකාව පෙරටත් වඩා සවිමත්ව යළි නැගී සිටිනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම ගමන් මඟෙහිදී මෙන්ම,ජාතික සංවර්ධනයේදී සහ ප්‍රගතියේදීද, සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ තහවුරුව පිළිගන්න.

නරේන්ද්‍ර මෝදී
ඉන්දීය අග්‍රාමාත්‍ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?