AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පරාජයක්

වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ මූලික වටයේ අවසන් තරගය මීට ටික වේලාවකට පෙර (23) ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

අද තරගය ක්වාලාලාම්පූර් හිදී ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට හිමිකර දෙමින්.

ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 118ක්.

එහිදී ගොන්ගඩි ට්‍රිෂා ලකුණු 49ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලිමංසා තිලකරත්න, ප්‍රමුදි මෙත්සරා සහ අසෙනි තලගුණේ කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් චමෝදි ප්‍රබෝධා, මනුදි නානායක්කාර සහ රෂ්මිකා සෙව්වන්දි විසින් බිඳ හෙලනු ලැබුවා.

පිළිතුරු ඉනිම ජයග්‍රහණයට ලකුණු 119ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 58ක් පමණයි.

ඒ අනුව ප්‍රබල ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් A කාණ්ඩය යටතේ පැවති තරග සියල්ලම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අපරාජිත කණ්ඩායම ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ද පැවති තරග 03න් දෙකක් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ සිය ස්ථානය දෙවැනි බවට පත් කර ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රෂ්මිකා සෙව්වන්දි පමණක් ලකුණු 15ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ඉන්දියාව වෙනුවෙන් ශබ්නම් ශකිල්, ජොෂිතා වීජේ සහ පරුණිකා සිසොඩියා කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ල බැගින් ආයුෂි සහ වෛෂ්ණාවි විසින් බිඳ හෙලනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව ඉන්දියාවට ලකුණු 60ක ජයක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?