ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පරාජයක්

වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ මූලික වටයේ අවසන් තරගය මීට ටික වේලාවකට පෙර (23) ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

අද තරගය ක්වාලාලාම්පූර් හිදී ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට හිමිකර දෙමින්.

ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 118ක්.

එහිදී ගොන්ගඩි ට්‍රිෂා ලකුණු 49ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලිමංසා තිලකරත්න, ප්‍රමුදි මෙත්සරා සහ අසෙනි තලගුණේ කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් චමෝදි ප්‍රබෝධා, මනුදි නානායක්කාර සහ රෂ්මිකා සෙව්වන්දි විසින් බිඳ හෙලනු ලැබුවා.

පිළිතුරු ඉනිම ජයග්‍රහණයට ලකුණු 119ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 58ක් පමණයි.

ඒ අනුව ප්‍රබල ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් A කාණ්ඩය යටතේ පැවති තරග සියල්ලම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අපරාජිත කණ්ඩායම ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ද පැවති තරග 03න් දෙකක් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ සිය ස්ථානය දෙවැනි බවට පත් කර ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රෂ්මිකා සෙව්වන්දි පමණක් ලකුණු 15ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ඉන්දියාව වෙනුවෙන් ශබ්නම් ශකිල්, ජොෂිතා වීජේ සහ පරුණිකා සිසොඩියා කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ල බැගින් ආයුෂි සහ වෛෂ්ණාවි විසින් බිඳ හෙලනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව ඉන්දියාවට ලකුණු 60ක ජයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16