AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව සහ මැලේසියාව අතර වෙළෙඳ පියවීම් සඳහා ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

ඉන්දියාව සහ මැලේසියාව අතර සිදුවන ගනුදෙනුවල දී වෙනත් මුදල් ඒකකවලට අමතරව වෙළඳ පියවීම් සඳහා ඉන්දීය  රුපියල භාවිත කළ හැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව විසින් ඉන්දීය  මුදල් ඒකක මගින්  ජාත්‍යන්තර වෙළඳ පියවීම් සඳහා අවසර දීමට ගත් තීරණයෙන් පසුවයි.

ඒ අනුව ඉන්දියාව සහ මැලේසියාව අතර වෙළඳාම්වලදී වෙනත් මුදල් වර්ගවලින් පියවීමේ ක්‍රමවලට අමතරව  ඉන්දියානු රුපියලෙන් එම පියවීම් සිදුකළ හැකි බවයි  විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ක්වාලාලම්පූර් හි පිහිටි ඉන්ඩියා ඉන්ටර්නැෂනල් බෑන්ක් ඔෆ් මැලේසියා බැංකුව මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත්තේ යුනියන් බෑන්ක් ඔෆ් ඉන්දියා බැංකුව හරහා විශේෂ රුපියල් වොස්ත්‍රෝ ගිණුමක් විවෘත කිරීමෙන්.

නවතම රාජ්‍ය ණය කළමනාකරණ වාර්තාවට අනුව 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස තුන තුළ ඉන්දීය රජයේ මුළු වගකීම් රුපියල් ට්‍රිලියන 147.19 සිට දෙසැම්බර් කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 150.95 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිරපේක්ෂ වශයෙන්, රජයේ මහජන ගිණුම යටතේ ඇති වගකීම් ඇතුළුව මුළු වගකීම් 2022 දෙසැම්බර් අවසානයේ ඉහළ ගොස් ඇත්තේ රුපියල් කෝටි 1,50,95,970.8 දක්වායි.

සැප්තැම්බර් 30 වන විට මුළු වගකීම් පැවතියේ  රුපියල් කෝටි 1,47,19,572.2 ක් ලෙසයි.

2022 ඔක්තෝබර්-දෙසැම්බර් කාලය තුළ රජය මුදල් කළමනාකරණ බිල්පත් හරහා කිසිදු මුදලක් රැස් නොකළ බව ද අදාළ වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?