ඉන්දියාව සහ මැලේසියාව අතර වෙළෙඳ පියවීම් සඳහා ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

ඉන්දියාව සහ මැලේසියාව අතර සිදුවන ගනුදෙනුවල දී වෙනත් මුදල් ඒකකවලට අමතරව වෙළඳ පියවීම් සඳහා ඉන්දීය  රුපියල භාවිත කළ හැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව විසින් ඉන්දීය  මුදල් ඒකක මගින්  ජාත්‍යන්තර වෙළඳ පියවීම් සඳහා අවසර දීමට ගත් තීරණයෙන් පසුවයි.

ඒ අනුව ඉන්දියාව සහ මැලේසියාව අතර වෙළඳාම්වලදී වෙනත් මුදල් වර්ගවලින් පියවීමේ ක්‍රමවලට අමතරව  ඉන්දියානු රුපියලෙන් එම පියවීම් සිදුකළ හැකි බවයි  විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ක්වාලාලම්පූර් හි පිහිටි ඉන්ඩියා ඉන්ටර්නැෂනල් බෑන්ක් ඔෆ් මැලේසියා බැංකුව මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත්තේ යුනියන් බෑන්ක් ඔෆ් ඉන්දියා බැංකුව හරහා විශේෂ රුපියල් වොස්ත්‍රෝ ගිණුමක් විවෘත කිරීමෙන්.

නවතම රාජ්‍ය ණය කළමනාකරණ වාර්තාවට අනුව 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස තුන තුළ ඉන්දීය රජයේ මුළු වගකීම් රුපියල් ට්‍රිලියන 147.19 සිට දෙසැම්බර් කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 150.95 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිරපේක්ෂ වශයෙන්, රජයේ මහජන ගිණුම යටතේ ඇති වගකීම් ඇතුළුව මුළු වගකීම් 2022 දෙසැම්බර් අවසානයේ ඉහළ ගොස් ඇත්තේ රුපියල් කෝටි 1,50,95,970.8 දක්වායි.

සැප්තැම්බර් 30 වන විට මුළු වගකීම් පැවතියේ  රුපියල් කෝටි 1,47,19,572.2 ක් ලෙසයි.

2022 ඔක්තෝබර්-දෙසැම්බර් කාලය තුළ රජය මුදල් කළමනාකරණ බිල්පත් හරහා කිසිදු මුදලක් රැස් නොකළ බව ද අදාළ වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22