ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ

ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කෙරුණු කොරෝනා මර්දන එන්නත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රයෝජනයකට නොගෙන ඉවත දමන බවට තොරතුරු වාර්තා වනවා. ඒ, වසංගත රෝග විද්‍යා අංශය මගින් එන්නත්කරණය සඳහා ලබාදී ඇති උපදෙස් හේතුවෙන්.

ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කෙරුණු කොරෝනා මර්දන එන්නතෙහි එක් ඇසුරුමක මිලිලීටර් 6 යි දශම දෙකක් අඩංගු වනවා. එම එක් ඇසුරුමක ඇතුළත් එන්නත් මාත්‍රාව පුද්ගලයින් දස දෙනෙකු සදහා ලබාදෙන ලෙසටයි රෝහල් බලධාරීන්ට වසංගත රෝග විද්‍යා අංශය මගින් උපදෙස් දී ඇත්තේ. එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලි ලීටර් දශම 5 ක්.

ඒ අනුව දසදෙනෙකුට එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය වන්නේ එන්නත් මාත්‍රා මිලි ලීටර් 5 ක් පමණයි. ඒ අනුව එක් ඇසුරුමක ඉතිරි වන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලි ලීටර් එකයි දශම 2 ක්. එලෙස ඉතිරි වන ප්‍රමාණය භාවිත නොකර ඉවත දමන ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.කෙසේවෙතත් වෛද්‍යවරුන් පවසන්නේ ඉවත දමන ලෙස උපදෙස් දී ඇති මිලිලීටර් 1 යි දශම දෙකෙන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට එන්නත් ලබාදිය හැකි බවයි. පසුගියදා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඔහු උපදෙස් දී ඇත්තේ එන්නත් මාත්‍රා අපතේ නොයවා භාවිත කරන ලෙසයි. 

ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නිර්දේශ ලබාදෙන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරියක් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ නිර්දේශ ලබාදී ඇති අතර මේ වනතෙක් එම නිර්දේශ සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් ක්‍රියාත්මක කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඊයේ රැස්වූ කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නියෝජිතයින් සහ සෞඛ්‍ය අංශ රැස්වී සාකච්ඡා කර ඇති බව ද වාර්තා වුණා. 

එහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සදහන් කර ඇත්තේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ලබාදෙන නිර්දේශ සහ උපදෙස් ක්‍රියාත්මක කරන ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරිණිය ඇතුළු පිරිසට තමා මීට පෙර ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එහිදී දොස් පවරා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එම අවස්ථාවේ අදාළ නිලධාරිණිය පවසා ඇත්තේ මහා බ්‍රිතාන්‍යය එම එන්නත දස දෙනෙකුට පමණක් භාවිත කරන බවයි. කෙසේවෙතත් මෙරට වෛද්‍යවරුන් පවසන්නේ එම එන්නත නිෂ්පාදිත සමාගම පුද්ගලයන් දස දෙනෙකුට පමණක් ලබාදිය යුතු බව සදහන් කර නොමැති බවයි.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් තවත් පුද්ගලයින් තිස් දහසකට පමණ කොරෝනා මර්දන එන්නත ලබාදීමට හැකිව තිබූ බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ. කොරෝනා මර්දන එන්නත් ක්‍රියාවලිය පිටුපස රජය අපහසුතාවට පත් කිරීමේ සූදානමක් පවතින බවට සැක පළ වන බව ද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ මුදල් තියාගෙන හිටියේ මේ වගේ ආපදාවලට උදව් කරන්න..අපි කිසිම බද්දක් වැඩි කරලා නෑ..
03:09
Video thumbnail
වසා දැමූ පළාත් 6ක සියළු පාසල් 16වනදා විවෘත කෙරේ..අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
12:57
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30


?