ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ

ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කෙරුණු කොරෝනා මර්දන එන්නත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රයෝජනයකට නොගෙන ඉවත දමන බවට තොරතුරු වාර්තා වනවා. ඒ, වසංගත රෝග විද්‍යා අංශය මගින් එන්නත්කරණය සඳහා ලබාදී ඇති උපදෙස් හේතුවෙන්.

ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කෙරුණු කොරෝනා මර්දන එන්නතෙහි එක් ඇසුරුමක මිලිලීටර් 6 යි දශම දෙකක් අඩංගු වනවා. එම එක් ඇසුරුමක ඇතුළත් එන්නත් මාත්‍රාව පුද්ගලයින් දස දෙනෙකු සදහා ලබාදෙන ලෙසටයි රෝහල් බලධාරීන්ට වසංගත රෝග විද්‍යා අංශය මගින් උපදෙස් දී ඇත්තේ. එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලි ලීටර් දශම 5 ක්.

ඒ අනුව දසදෙනෙකුට එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය වන්නේ එන්නත් මාත්‍රා මිලි ලීටර් 5 ක් පමණයි. ඒ අනුව එක් ඇසුරුමක ඉතිරි වන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලි ලීටර් එකයි දශම 2 ක්. එලෙස ඉතිරි වන ප්‍රමාණය භාවිත නොකර ඉවත දමන ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.කෙසේවෙතත් වෛද්‍යවරුන් පවසන්නේ ඉවත දමන ලෙස උපදෙස් දී ඇති මිලිලීටර් 1 යි දශම දෙකෙන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට එන්නත් ලබාදිය හැකි බවයි. පසුගියදා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඔහු උපදෙස් දී ඇත්තේ එන්නත් මාත්‍රා අපතේ නොයවා භාවිත කරන ලෙසයි. 

ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නිර්දේශ ලබාදෙන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරියක් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ නිර්දේශ ලබාදී ඇති අතර මේ වනතෙක් එම නිර්දේශ සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් ක්‍රියාත්මක කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඊයේ රැස්වූ කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නියෝජිතයින් සහ සෞඛ්‍ය අංශ රැස්වී සාකච්ඡා කර ඇති බව ද වාර්තා වුණා. 

එහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සදහන් කර ඇත්තේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ලබාදෙන නිර්දේශ සහ උපදෙස් ක්‍රියාත්මක කරන ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරිණිය ඇතුළු පිරිසට තමා මීට පෙර ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එහිදී දොස් පවරා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එම අවස්ථාවේ අදාළ නිලධාරිණිය පවසා ඇත්තේ මහා බ්‍රිතාන්‍යය එම එන්නත දස දෙනෙකුට පමණක් භාවිත කරන බවයි. කෙසේවෙතත් මෙරට වෛද්‍යවරුන් පවසන්නේ එම එන්නත නිෂ්පාදිත සමාගම පුද්ගලයන් දස දෙනෙකුට පමණක් ලබාදිය යුතු බව සදහන් කර නොමැති බවයි.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් තවත් පුද්ගලයින් තිස් දහසකට පමණ කොරෝනා මර්දන එන්නත ලබාදීමට හැකිව තිබූ බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ. කොරෝනා මර්දන එන්නත් ක්‍රියාවලිය පිටුපස රජය අපහසුතාවට පත් කිරීමේ සූදානමක් පවතින බවට සැක පළ වන බව ද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33