ඉන්දියාව අත්පත් කරගත් අභ්‍යවකාශ ජය වෙනුවෙන් මෝදිගෙන් සුපැතුම්

ඉන්දියානු අභ්‍යවකාශ පර්‍යේෂණ මධ්‍යස්ථානය (Indian Space Research Organisation) විසින් නව චන්ද්‍රිකා දෙකක් සාර්ථක ව අභ්‍යවකාශගත කිරීමට සමත් වුණා.

මෙම චන්ද්‍රිකා ද්විත්වය ම ඊයේ (16) පෙරවරුවේ සිය සාර්ථකත්වය පිළිබඳ ව සංඥා වාර්තා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ජීවීන් රහිත ව අභ්‍යවකාශ යානා දෙකක් එකිනෙකට සාර්ථකව සම්බන්ධ කිරීමට මෙම මෙහෙයුම මගින් ඉන්දියාව සමත් වුණු අතර එලෙස අභ්‍යවකාශ මෙහෙයුමක් සාර්ථක කරගත් ලොව සිව්වැනි රට බවටයි ඔවුන් ඊයේ දිනයේ දී පත් වූයේ.

මීට පෙර අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය මේ වාර්තා තමන් සතුකරගෙන තියෙනවා.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ යානා දෙකක් පෘථිවියේ පහළ කක්ෂය තුළ ස්ථානගත කළා.

ටාර්ගට් සහ චේසර් නමින් හැඳින්වෙන මෙම යානා ද්විත්වය සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කරමින් මෙම වාර්තාව ඉන්දියාව සතු කළ බවයි වාර්තා වන්නේ.

ISRO විසින් X සටහනක් පළ කර ඇති අතර එහි සඳහන් වන්නේ, “අභ්‍යවකාශ යානා කක්ෂගත කිරීම සාර්ථකව නිම කරන ලදී! ඓතිහාසික මොහොතක්. අපි SpaDeX කිරීමේ ක්‍රියාවලිය හරහා ගමන් කරමු: මීටර් 15 සිට මීටර් 3 දක්වා රඳවා ගැනීමේ ස්ථානය දක්වා උපාමාරු සම්පූර්ණ කරන ලදී..” යනුවෙන්.

චන්ද්‍රිකා දෙක කක්ෂගත කිරීම පෘථිවියට කිලෝමීටර් 475 ක් ඉහළින් සිදු වුණා.

එම චන්ද්‍රිකා දෙක PSLV C60 රොකට්ටුවකින් ඔසවා කිලෝමීටර් 475 ක වෘත්තාකාර කක්ෂයකට ඇතුළත් කරන ලද බව NDTV වාර්තා කර තිබුණා.

මෙම ජයග්‍රහණය ගැන ඉන්දීය අගමැති මෝදි ද සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

X සටහනක් තබමින් මෝදි පවසා ඇත්තේ චන්ද්‍රිකා අභ්‍යවකාශ කක්ෂගත කිරීම සාර්ථකව නිරූපණය කිරීම වෙනුවෙන් ‘isro’ හි අපගේ විද්‍යාඥයින්ට සහ සමස්ත අභ්‍යවකාශ සහෝදරත්වයට සුබ පැතුම් යනුවෙන් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි වසරවල ඉන්දියාවේ අභිලාෂකාමී අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා එය සැලකිය යුතු පියවරක් බවත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?