ඉන්දියාව අත්පත් කරගත් අභ්‍යවකාශ ජය වෙනුවෙන් මෝදිගෙන් සුපැතුම්

ඉන්දියානු අභ්‍යවකාශ පර්‍යේෂණ මධ්‍යස්ථානය (Indian Space Research Organisation) විසින් නව චන්ද්‍රිකා දෙකක් සාර්ථක ව අභ්‍යවකාශගත කිරීමට සමත් වුණා.

මෙම චන්ද්‍රිකා ද්විත්වය ම ඊයේ (16) පෙරවරුවේ සිය සාර්ථකත්වය පිළිබඳ ව සංඥා වාර්තා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ජීවීන් රහිත ව අභ්‍යවකාශ යානා දෙකක් එකිනෙකට සාර්ථකව සම්බන්ධ කිරීමට මෙම මෙහෙයුම මගින් ඉන්දියාව සමත් වුණු අතර එලෙස අභ්‍යවකාශ මෙහෙයුමක් සාර්ථක කරගත් ලොව සිව්වැනි රට බවටයි ඔවුන් ඊයේ දිනයේ දී පත් වූයේ.

මීට පෙර අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය මේ වාර්තා තමන් සතුකරගෙන තියෙනවා.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ යානා දෙකක් පෘථිවියේ පහළ කක්ෂය තුළ ස්ථානගත කළා.

ටාර්ගට් සහ චේසර් නමින් හැඳින්වෙන මෙම යානා ද්විත්වය සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කරමින් මෙම වාර්තාව ඉන්දියාව සතු කළ බවයි වාර්තා වන්නේ.

ISRO විසින් X සටහනක් පළ කර ඇති අතර එහි සඳහන් වන්නේ, “අභ්‍යවකාශ යානා කක්ෂගත කිරීම සාර්ථකව නිම කරන ලදී! ඓතිහාසික මොහොතක්. අපි SpaDeX කිරීමේ ක්‍රියාවලිය හරහා ගමන් කරමු: මීටර් 15 සිට මීටර් 3 දක්වා රඳවා ගැනීමේ ස්ථානය දක්වා උපාමාරු සම්පූර්ණ කරන ලදී..” යනුවෙන්.

චන්ද්‍රිකා දෙක කක්ෂගත කිරීම පෘථිවියට කිලෝමීටර් 475 ක් ඉහළින් සිදු වුණා.

එම චන්ද්‍රිකා දෙක PSLV C60 රොකට්ටුවකින් ඔසවා කිලෝමීටර් 475 ක වෘත්තාකාර කක්ෂයකට ඇතුළත් කරන ලද බව NDTV වාර්තා කර තිබුණා.

මෙම ජයග්‍රහණය ගැන ඉන්දීය අගමැති මෝදි ද සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

X සටහනක් තබමින් මෝදි පවසා ඇත්තේ චන්ද්‍රිකා අභ්‍යවකාශ කක්ෂගත කිරීම සාර්ථකව නිරූපණය කිරීම වෙනුවෙන් ‘isro’ හි අපගේ විද්‍යාඥයින්ට සහ සමස්ත අභ්‍යවකාශ සහෝදරත්වයට සුබ පැතුම් යනුවෙන් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි වසරවල ඉන්දියාවේ අභිලාෂකාමී අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා එය සැලකිය යුතු පියවරක් බවත් සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15