AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ සිට ඉන්ධන රැගත් නෞකා දෙකක් අද දිවයිනට

ඉන්ධන රැගත් නෞකා 02 ක් අද මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ අදාළ නෞකා දෙකෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,000 ක් මෙරටට රැගෙන එන බවයි. ඉන්දීය ණය ආධාර යටතේ එම නෞකා 02 මෙරටට ලගාවන බව ද ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කරන බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඒ අනුව පළාත් අතර වැඩි ඉන්ධන ප්‍රමාණයක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද ඛණිජතෙල් සංස්ථාව සඳහන් කර සිටියා.

මේ අතර ගෑස් බෙදාහැරීමේ කටයුතු ද ලබන 18 වනදා සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු ඉකුත් 12 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා.

කෙසේවෙතත් මෙට්ට්‍රික් ටොන් 8500 ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් ඉදිරියේදී මෙරටට ලගාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?