ඉන්දියාවේ සිට ඉන්ධන රැගත් නෞකා දෙකක් අද දිවයිනට

ඉන්ධන රැගත් නෞකා 02 ක් අද මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ අදාළ නෞකා දෙකෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,000 ක් මෙරටට රැගෙන එන බවයි. ඉන්දීය ණය ආධාර යටතේ එම නෞකා 02 මෙරටට ලගාවන බව ද ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කරන බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඒ අනුව පළාත් අතර වැඩි ඉන්ධන ප්‍රමාණයක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද ඛණිජතෙල් සංස්ථාව සඳහන් කර සිටියා.

මේ අතර ගෑස් බෙදාහැරීමේ කටයුතු ද ලබන 18 වනදා සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු ඉකුත් 12 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා.

කෙසේවෙතත් මෙට්ට්‍රික් ටොන් 8500 ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් ඉදිරියේදී මෙරටට ලගාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37