ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට

පසුගිය සතියේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ සිකිම් රජය විසින් ප්‍රාන්තයේ මරණ 33 ක් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම අසල්වැසි බටහිර බෙංගාලයේ ජල්පයිගුරි දිස්ත්‍රික්කයේ තීස්ටා ගං ඉවුරේ තිබී තවත් සිරුරු 40ක් පමණ සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.හදිසි ගංවතුරෙන් විපතට පත් වූවන් අතර යුද හමුදා සාමාජිකයින් 8 දෙනෙකු ද වනවා

සොල්දාදුවන් අට දෙනා ඇතුළුව මියගිය සියලුම දෙනාගේ සිරුරු 10 ක් පමණක් හඳුනාගත හැකි බව නිල ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව පවතින අතර, උතුරු සිකිම් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවලින් පසුගිය දින හය තුළ පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවද සඳහන්.උතුරු සිකිම් හි අතරමංව සිටින සංචාරකයින් 1,700 ක් පමණ සිටින බවත් ආහාර, වෛද්‍ය ආධාර, සන්නිවේදන පහසුකම් ඔවුන්ට අවශ්‍ය පරිදි සපයන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?