ඉන්දියාවේ විෂ දුම මෙරට ගැබිණි මව්වරුන්ට ගෙනා අහිතකර බලපෑම – විශේෂ පරීක්ෂණයකුත් ඇරඹෙයි

පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වූ ‘රට තුළ වා‍‍යු ගුණාත්මකභාව අවම මට්ටමක පැවතීම’ හේතුවෙන් ඊට නිරාවරණය වූ ගැබිණි මව්වරුන්ට මළදරු උපත් හෝ අඩු බර දරු උපත් සිදුවීමේ අවදානමකට මුහුණපෑ හැකි බැවින් ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්යය දුමින්ද යසරත්න මහතා පවසනවා.

රට තුළ වායු ගුණාත්මක තත්ත්වය පහළ මට්ටමක පැවතීමත්, එම බලපෑම ම අසල්වාසී රාජ්‍යයන් වන නේපාලය, ඉන්දියාව, පකිස්තානය වැනි රටවලින් ද දැකිය හැකි වූ බවත් එම රටවල ශ්වසන රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් එකී කාලවකවානුව තුළ වාර්තා වීම සැලකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

වායු ගුණාත්මක තත්ත්වයේ බලපෑම එම රටවල ශ්වසන රෝගීන් වාර්තා වීමේ ඉහළ යාම සිදුවීමට බලපෑම් සහගත පසුබිමක් නිර්මාණය කර ඇති බව පරීක්ෂණවලින් ද සනාථ වී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් එකී වායු තත්ත්වයේ ගුණාත්මකභාව ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා දැනුම්දුන්නේ.

ඉන්දියාවේ ඇති කර්මාන්ත ශාලාවලින් නිකුත් වන අහිතකර වායු හේතුවෙන් මෙරටට ද යම්තාක් මට්ටමින් බලපෑමක් එල්ල වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.

මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක මෙම පරීක්ෂණ ආරම්භ කිරීමට ද නියමිත බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?