ඉන්දියාවේ විෂ දුම මෙරට ගැබිණි මව්වරුන්ට ගෙනා අහිතකර බලපෑම – විශේෂ පරීක්ෂණයකුත් ඇරඹෙයි

පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වූ ‘රට තුළ වා‍‍යු ගුණාත්මකභාව අවම මට්ටමක පැවතීම’ හේතුවෙන් ඊට නිරාවරණය වූ ගැබිණි මව්වරුන්ට මළදරු උපත් හෝ අඩු බර දරු උපත් සිදුවීමේ අවදානමකට මුහුණපෑ හැකි බැවින් ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්යය දුමින්ද යසරත්න මහතා පවසනවා.

රට තුළ වායු ගුණාත්මක තත්ත්වය පහළ මට්ටමක පැවතීමත්, එම බලපෑම ම අසල්වාසී රාජ්‍යයන් වන නේපාලය, ඉන්දියාව, පකිස්තානය වැනි රටවලින් ද දැකිය හැකි වූ බවත් එම රටවල ශ්වසන රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් එකී කාලවකවානුව තුළ වාර්තා වීම සැලකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

වායු ගුණාත්මක තත්ත්වයේ බලපෑම එම රටවල ශ්වසන රෝගීන් වාර්තා වීමේ ඉහළ යාම සිදුවීමට බලපෑම් සහගත පසුබිමක් නිර්මාණය කර ඇති බව පරීක්ෂණවලින් ද සනාථ වී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් එකී වායු තත්ත්වයේ ගුණාත්මකභාව ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා දැනුම්දුන්නේ.

ඉන්දියාවේ ඇති කර්මාන්ත ශාලාවලින් නිකුත් වන අහිතකර වායු හේතුවෙන් මෙරටට ද යම්තාක් මට්ටමින් බලපෑමක් එල්ල වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.

මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක මෙම පරීක්ෂණ ආරම්භ කිරීමට ද නියමිත බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15