ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී සිසුන් 14 දෙනෙකු ඇතුළු 16ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

විනෝද චාරිකාවක් අතරතුර බෝට්ටුවක් පෙරළීමෙන් සිසුන් 14 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (18) ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 34 දෙනෙකු සිට ඇති බව සඳහන්.

ගුජරාට් අමාත්‍ය රුෂිකේෂ් පටෙල් පැවසුවේ තවත් කිහිප දෙනෙක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

වැවේ පතුලේ ඇති රොන් මඩ හේතුවෙන් එම මෙහෙයුම් දුෂ්කර වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම අනතුරින් විපතට පත්වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සොයා කණගාටුව පළකර තිබෙනවා.

මෙම බෝට්ටු අනතුරින් මියගිය අයෙක් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත ඉන්දීය රුපියල් ලක්ෂ 02ක් සහ තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් පනස් දහසක වන්දි මුදලක් ද පිරිනැමීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?