ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී සිසුන් 14 දෙනෙකු ඇතුළු 16ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

විනෝද චාරිකාවක් අතරතුර බෝට්ටුවක් පෙරළීමෙන් සිසුන් 14 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (18) ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 34 දෙනෙකු සිට ඇති බව සඳහන්.

ගුජරාට් අමාත්‍ය රුෂිකේෂ් පටෙල් පැවසුවේ තවත් කිහිප දෙනෙක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

වැවේ පතුලේ ඇති රොන් මඩ හේතුවෙන් එම මෙහෙයුම් දුෂ්කර වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම අනතුරින් විපතට පත්වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සොයා කණගාටුව පළකර තිබෙනවා.

මෙම බෝට්ටු අනතුරින් මියගිය අයෙක් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත ඉන්දීය රුපියල් ලක්ෂ 02ක් සහ තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් පනස් දහසක වන්දි මුදලක් ද පිරිනැමීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03