AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ දුම්රිය අනතුර පිළිබඳ ජනපති ශෝකය පළ කරයි

ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ රටවැසි ජනතාව සිය අසල්වාසී රාජ්‍ය වූ ඉන්දියාව සහ එහි සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවයි.

අනතුරින් මියගිය සියලුදෙනාගේ පුවල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

එමෙන්ම අපේක්ෂා නොකළ අන්දමේ මෙම සිදුවීමට මුහුණ දීමට ඉන්දීය රජයට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?