ඉන්දියාවේ දුම්රියක වනඅලි රංචුවක් ගැටී අලි හතක් මරුට (වීඩියෝ)

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ හෝජායිහිදී දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් අලි ඇතුන් හත්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

සයිරං-නවදිල්ලි රාජ්ධානි එක්ස්ප්‍රස් දුම්රියේ එම වන අලි රංචුව අද (20) අලුයම ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරත් සමඟ දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි පහක් පීලි පැනීමට ලක්ව ඇති අතර, ඉන් කිසිදු මගියෙකුට හානි හෝ තුවාල සිදුවී නොමැති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

ප්‍රදේශයේ පැවති අධික මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැකපළ කරන අතර, මියගිය සතුන්ගේ මරණ පරීක්ෂණය සිදුකරමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ එක් අලියෙකුට මේ වනවිටත් දේශීය පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර සිදුකරනු ලබනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ නම් කරන ලද අලි කොරිඩෝවක් නොවන ස්ථානයක බවයි දුම්රිය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?