ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 230ක් දක්වා ඉහළ ගොස් ගොස් ඇති බව වාර්තා වනවා.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් 900කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුව තිබූ අතර,සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙක මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වුණේ.
කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය සහ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ යෂ්වෝන්ත්පූර් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමී මගී දුම්රිය මෙලෙස ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.
මෙම සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.





