ඉන්දියාවේ එතනෝල් හදන්න බ්‍රසීලයෙන් තාක්ෂණය

බ්‍රසීලයේ පැවති G20 කෘෂිකර්ම අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව එතනෝල් නිෂ්පාදන තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බ්‍රසීලය සිය කැපවීම ප්‍රකාශ කළා.

දෙරටේ කෘෂිකර්ම අමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී මෙම එකඟතාවට පැමිණ තිබෙනවා.

මෙම හමුවේදී විද්‍යාව හා තාක්‍ෂණය, එතනෝල් නිෂ්පාදනය සහ වෙළෙඳපොළ ප්‍රවේශය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා.

නොවැම්බරයේ පැවැත්වෙන G20 නායකයින්ගේ රැස්වීමට පෙර ICAR (ඉන්දියාව) සහ EMBRAPA (බ්‍රසීලය) අතර අවබෝධතා ගිවිසුම අවසන් වනු ඇතැයි බලාපොරොත්තු පළ කරමින් විද්‍යාව හා තාක්‍ෂණය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වය ම එකඟ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව සිය බඩ ඉරිඟු, කපු, තිරිඟු, බාර්ලි සහ ළූණු සඳහා බ්‍රසීලියානු වෙළඳපොළට ප්‍රවේශ වීමට උත්සාහ කරන අතර බ්‍රසීලය අනෙකුත් නිෂ්පාදන අතර Citrus සඳහා ඉන්දියානු වෙළඳපොළට ප්‍රවේශ වීමට උත්සාහ කරනු ඇති.

දැනට වෙළෙඳාමට බාධාවක් වී ඇති ගැටලු විසඳීම පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනාම සුබවාදී අදහස් පළ කර තිබෙනවා.

2024 ජුනි මාසයේදී, ජාත්‍යන්තර සීනි සංවිධානයේ (ISO) 63 වන සභා රැස්වීමේදී, උක් වගාව, සීනි සහ එතනෝල් නිෂ්පාදනය සහ අතුරු නිෂ්පාදන වඩා හොඳින් භාවිතා කිරීම සඳහා වඩාත් තිරසාර භාවිතයන් අනුගමනය කිරීමට ඉන්දියාව සාමාජික රටවලින් සහාය සහ සහයෝගීතාව ඉල්ලා සිටියා.

ඇමරිකා එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට පසුව ඉන්දියාව ගෝලීය වශයෙන් තුන්වන විශාලතම එතනෝල් නිෂ්පාදකයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?