ඉන්දියාවෙන් පැන ආ පුද්ගලයෙක් සොයාගත් තැන

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් මුල්ලියාවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත එම පුද්ගලයා මුල්ලියාවේලි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

එම පුද්ගලයා 2009 වසරේ දී කටුනායක ගුවන්තොටුපොළින් ඉන්දියාවේ චෙන්නායි බලා පිටව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පසුව ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයේ ජීවත්ව සිට ඇති එම පුද්ගලයා 2021 මාර්තු මස 12 වන දින මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ.

සැකකරු මාස දෙක හමාරක පමණ කාලයක් සැඟව සිට ඇති අතර, ඉන් අනතුරුව බුද්ධි අංශ තොරතුරු මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (11) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?