ඉන්දියාවෙන් පැන ආ පුද්ගලයෙක් සොයාගත් තැන

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් මුල්ලියාවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත එම පුද්ගලයා මුල්ලියාවේලි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

එම පුද්ගලයා 2009 වසරේ දී කටුනායක ගුවන්තොටුපොළින් ඉන්දියාවේ චෙන්නායි බලා පිටව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පසුව ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයේ ජීවත්ව සිට ඇති එම පුද්ගලයා 2021 මාර්තු මස 12 වන දින මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ.

සැකකරු මාස දෙක හමාරක පමණ කාලයක් සැඟව සිට ඇති අතර, ඉන් අනතුරුව බුද්ධි අංශ තොරතුරු මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (11) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32