ඉන්දියාවෙන් තවත් දැවැන්ත මෙහෙයුමක්

2040 වන විට සඳ මතට ගගනගාමියෙකු යැවීමට අපේක්ෂා කරන බව ඉන්දීය රජය පවසනවා.

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉන්දීය ඉලක්කවලට අනුව 2035 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ සැලසුම් ද ඇතුළත්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා මෙම අභිලාෂයන් ප්‍රකාශයට පත් කළ අතර, සිකුරු සහ අඟහරු වෙත මෙහෙයුම් ආරම්භ සඳහා ද කටයුතු කරන ලෙසටයි ඔහු විද්‍යාඥයන්ගෙන් ඉල්ලා සිටියේ.

පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට පත් වූ අතර සැප්තැම්බර් මාසයේදී ඔවුන් සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා ද යානයක් පිටත් කර යවනු ලැබුවා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) ගගන්යාන් ව්‍යාපෘතියේ ද කටයුතු කරමින් සිටින අතර, මිනිස් කාර්ය මණ්ඩලයක් කිලෝමීටර් 400ක (සැතපුම් 248) කක්ෂයකට යවා ඔවුන් ආරක්ෂිතව ඉන්දීය මුහුදට ගොඩබෑමටයි අරමුණු කරගෙන ඇත්තේ. ඒ වෙනුවෙන් ලබන සෙනසුරාදා, අභ්‍යවකාශ ඒජන්සිය මෙහෙයුමේ ප්‍රධාන පරීක්ෂණයක් ද පවත්වනු ඇති.

2024 අවසානයට පෙර අවසන් මිනිසුන් සහිත මෙහෙයුම ,ආරම්භ කිරීමට පෙර රොබෝවක් රැගෙන අභ්‍යවකාශයට තවත් පරීක්ෂණ ගුවන් ගමනක් සිදු කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?