ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම වෙනුවෙන් ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ඩොලර් මිලියන 350ක් සහනදායී ණය පදනම යටතේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ඩොලර් මිලියන 100ක් මූල්‍ය ආධාර හෙවත් ප්‍රදානයන් ලෙස මෙහිදී අදාළ සහන පැකේජය ලබාදෙනු ඇති.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (23) පෙරවරුවේ මෙම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?