ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර හෙට සිට හෝටල් සහ බේකරි වෙත (වීඩියෝ)

ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බිත්තර අද මධ්‍යම රාත්‍රියේ වරායෙන් නිදහස් කෙරෙන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

හෙට (30) සිට හෝටල් සහ බේකරි හිමියන් වෙත බිත්තර නිකුත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ.

එම අමාත්‍යංශය සඳහන් කළේ, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අපේක්ෂාවෙන් වරායේ රඳවා තිබු එම බිත්තර තොග අද නිදහස් කර ඇති අතර ඒවා හෙට දිනයේ සිට රුපියල් 35ක මිලකට බෙදා හරින බව යි.

ඉන්දියාවෙන් ආනයනය කළ මිලියන දෙකක පළමු බිත්තර තොග රැගත් නෞකාව කොළඹ වරයට පැමිණියේ පසුගිය 23 වනදායි.

බිත්තර තොගය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වී ඇත්තේ, ඉන් දින හයකට පසුවයි.

අදාළ බිත්තර රුපියල් 35ක මිලක් යටතේ හෝටල් සහ බේකරි හිමියන්ට රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

දිගින් දිගට ම විදේශයන්ගෙන් සිට බිත්තර මෙරටට ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ.

දේශීය වශයෙන් බිත්තර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා බලාපොරොත්තු වන අතර ඉදිරි මාස දෙක තුන තුළ සැලකිය යුතු මට්ටමින් මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ වසර අවසන් වන විට මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ නංවා බිත්තර මිල අඩු කිරීමට හැකි වනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කරනවා.

https://www.youtube.com/watch?v=pCS4d1fTTfo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15