ඉන්දියාවට බංග්ලාදේශය හමුවේ අමිහිරි පරාජයක්

ඉන්දීයාව සමඟ පැවති පළමු එක්දින තරගය එක් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිටන් දාස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 2කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 186ක් පමණයි.

ඉන්දීයාව වෙනුවෙන් ලොකේෂ් රාහුල් ලකුණු 73ක් රැස් කළ අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

පන්දු යැවීමේ දි ශකීබ් අල් හසන් කඩුළු 5ක්, ඊබාඩොට් හුසේන් කඩුලු 4ක් සහ මෙහිදි හසන් මීරාස් එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත් වුණා.

ලකුණු 187ක් ජයග්‍රහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9ක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

බංග්ලාදේශය වෙනුවෙන් නායක ලිටන් දාස් ලකුණු 41 රැස්කළ අතර ෂකීබ් අල් හසන් ලකුණු 29ක් රැස්කළ අතර තරඟය ජයග්‍රහණය කරා රැගෙන ගිය හසන් මීරාස් නොදැවී ලකුණු 38ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සිරාජ් කඩුලු 3ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40