spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට බංග්ලාදේශය හමුවේ අමිහිරි පරාජයක්

ඉන්දීයාව සමඟ පැවති පළමු එක්දින තරගය එක් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිටන් දාස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 2කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 186ක් පමණයි.

ඉන්දීයාව වෙනුවෙන් ලොකේෂ් රාහුල් ලකුණු 73ක් රැස් කළ අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

පන්දු යැවීමේ දි ශකීබ් අල් හසන් කඩුළු 5ක්, ඊබාඩොට් හුසේන් කඩුලු 4ක් සහ මෙහිදි හසන් මීරාස් එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත් වුණා.

ලකුණු 187ක් ජයග්‍රහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9ක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

බංග්ලාදේශය වෙනුවෙන් නායක ලිටන් දාස් ලකුණු 41 රැස්කළ අතර ෂකීබ් අල් හසන් ලකුණු 29ක් රැස්කළ අතර තරඟය ජයග්‍රහණය කරා රැගෙන ගිය හසන් මීරාස් නොදැවී ලකුණු 38ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සිරාජ් කඩුලු 3ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?