ඉන්දියාවට ගිය ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුව අද

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා සහභාගී වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව අද (16) සිදුවීමට නියමිතයි.

නව දිල්ලි අගනුවර හයිද්‍රාබාද් හවුස් හිදී රාජ්‍ය නායකයින් දෙදෙනා අතර මෙම හමුව සිදුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම හමුවේ දී රාජ්‍ය නායකයින් දෙදෙනා කලාපීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද එහිදී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ද අද (16) දිනයේ දී පැවැත් වෙනවා.

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (15) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගිය අතර, නවදිල්ලි නුවරට පැමිණි ජනාධිපතිවරයාට එහිදී හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා ඊයේ දිනයේ දී ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන අය හමුවුණා.

ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලයේ දී මෙම හමුව සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?