ඉරානය විසින් ඉන්දියානු සාගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරනවා.
චාගෝස් දූපත්වල ඩියාගෝ ගාර්ෂියා හි එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ඒකාබද්ධ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් මෙලෙස බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වාර්තා අනුව ඉන් එක් මිසයිලයක් පියාසර කිරීමේ දී විනාශ වී ගොස් ඇති අතර, අනෙක් මිසයිලය
එක්සත් ජනපද යුද නෞකාවක් විසින් විනාශ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දෙවන මිසයිලය සාර්ථකව විනාශ කළේ ද යන්න තවමත් අනාවරණය වී නැහැ.
ඉරාන භූමියේ සිට කිලෝමීටර 4,000 ක් පමණ දුරින් චාගෝස් දූපත් පිහිටා ඇති අතර, මෙතරම් විශාල දුරකින් පිහිටි ස්ථානයක් ඉරානය ඉලක්ක කර ගැනීම තුළින් අදහස් වන්නේ ඉරානයට යුරෝපයේ කඳවුරු ඉලක්ක කිරීමට හැකියාවක් පවතින බවයි.
ඩියාගෝ ගාර්ෂියා යනු මධ්‍යම ඉන්දියානු සාගරයේ උපායමාර්ගිකව පිහිටා ඇති දූපතක් වන අතර එය එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ප්‍රධාන හමුදා පහසුකම් සපයන ස්ථානයක්.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පෙන්ටගනය තවමත් කිසිවක් පවසා නැහැ.
ඩියාගෝ ගාර්ෂියා කඳවුර ඇෆ්ගනිස්ථානයට සහ ඉරාකයට බෝම්බ හෙලීම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ඇමරිකානු හමුදාව විසින් මීට පෙර භාවිත කර තිබෙනවා.













