ඉන්දියානු දක්ෂතා සහ අමෙරිකානු තාක්‍ෂණය එක්වීම දීප්තිමත් අනාගතයක් සහතික කරන බවට මෝදිගෙන් ප්‍රකාශයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දා සිය අමෙරිකානු සංචාරය නිමා කළේ දෙරටටම වැදගත් වන දේශපාලන, ව්‍යාපාරික සහ තාක්ෂණික අංශයේ කරුණු රැසකට එකඟතා ඇති කරගනිමින්.

සිය රාජ්‍ය සංචාරය අතරතුර ඔහු ධවල මන්දිරයේදී දෙරටේ ව්‍යාපාරික ප්‍රවීණයන් හමු වී තිබුණා.

එම ප්‍රවීණයින් හමුවේ  ඉන්දීය අගමැතිවරයා පැවසුවේ ඉන්දියානු දක්ෂතා සහ එක්සත් ජනපදයේ තාක්‍ෂණික දියුණුව එක්වීම දීප්තිමත් අනාගතයක් සහතික කරන බවයි.

“මෙ⁣ම රැස්වීම මිතුරන් කිහිප දෙනෙකු අතර පමණක් වන නමුත් එය දීප්තිමත් අනාගතයක් පිළිබඳ සහතිකයක් ගෙන එනවා” යැයි මෝදි ඉන්දියාව හා එක්සත් ජනපදය අතර  අධි තාක්‍ෂණික එක් වීම සනිටුහන් කරන ඉසව්වේදී ප්‍රකාශ කළා.

ජනාධිපති බයිඩ්න්ගේ දැක්ම සහ හැකියාවනුත් ඉන්දියාවේ අභිලාෂයන් සහ හැකියාවනුත් ඉදිරියට රැගෙන යාමට මෙය කදිම අවස්ථාවක් බව මෝදි  පැවසුවේ,එම රැස්වීමට පැමිණ සිටීම ගැන එක්සත් ජනපද නායකයාට ස්තූතිය ද පළ කරමින්.

ඔහු සංවර්ධනය හින්දි භාෂාවෙන් “හොන්හාර්, ෂන්දාර්, ධර්දාර්” ලෙස සඳහන් කළ අතර එය නව අනාගතයකට මග පාදනු ඇතැයි පැවසුවා.

ඉන්දීය අගමැතිවරයා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අතර මෙම හමුව සිදුවූයේ දෙරටේ අධි තාක්‍ෂණික අංශයේ සබඳතා ගැඹුරු කිරීමට බලාපොරොත්තු වන අවස්ථාවකදීයි.

කෘෂිකර්මාන්තයේ සිට අභ්‍යවකාශය දක්වා සෑම අංශයකින්ම ව්‍යාපාරික ප්‍රදානයෙන් එම රැස්වීම සඳහා පැමිණ ඇති බව ඔහු මෙහිදී සිහිපත් කළා.

ඔවුන්ගෙන් ඇතැමෙක් හොඳින් ස්ථාපිත ව්‍යාපාර නියෝජනය කරන අතර තවත් සමහරෙක් ප්‍රමුඛ මට්ටමේ ආරම්භකයින්.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රිස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි, මහින්ද්‍රා හි සභාපති ආනන්ද් මහින්ද්‍රා, Zerodha සහ True Beacon සම-නිර්මාතෘ නිඛිල් කාමත් සහ 3rdiTech සම-නිර්මාතෘ ව්‍රින්ද්‍රා කපූර් යන පිරිස ඉන්දීය ව්‍යාපාරික දූත පිරිසේ කොටසක් ලෙස රැස්වීමට එක්ව සිටියා.

Microsoft ප්‍රධාන විධායක නිලධාරි සට්‍යා නඩෙලා, Apple ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, Google ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි, OpenAI ප්‍රධාන විධායක නිලධාරි සෑම් ඕල්ට්මන්, AMD ප්‍රධාන විධායක නිලධාරි ලීසා සූ, NASA ගගනගාමී සුනීතා විලියම්ස් මෙම රැස්වීමට සහභාගී වූ ඇමරිකානු නියෝජිතයින් අතර වුණා.

මෙහිදී ඇමරිකානු ජනාධිපති බයිඩ්න් පැවසුවේ මෙම හවුල්කාරිත්වය දරුවන්ට නිදහස්, වඩාත් සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කරනු ඇති බවයි.

අපගේ සහයෝගිතාව වැදගත් වන්නේ අපගේ ජනතාවට පමණක් නොව මුළු ලෝකයටමයි, මන්ද අපගේ හවුල්කාරිත්වය මීළඟ ජයග්‍රහණයට හෝ ඊළඟ ගනුදෙනුවට වඩා විශාල වන බැවින්” යැයි ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළා.

එය දේශගුණික විපර්යාසවලට මුහුණ දීම, විශ්වය ගවේෂණය කිරීම, මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම, වසංගත රෝග වැළැක්වීම සහ  පුරවැසියන්ට සැබෑ අවස්ථාව ලබා දීම පිළිබඳ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මෝදිගේ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය ඉන්දියානු නිලධාරීන් විසින් ඓතිහාසික එකක් ලෙස නම් කර ඇති අතර, ඔවුන්ගේ හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ ඇතුළු අති නවීන තාක්‍ෂණයන්හි තීරණාත්මක සහයෝගීතාවට එක්සත් ජනපදය එකඟ කරවා ගැනීමේ ඉන්දියානු ගවේෂණයේ ඉදිරි ගමනක් ලෙස ද සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?