spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි දෙසතිය ගැන අනතුරු ඇඟවීමක්

බිම් මට්ටමින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම විශාල වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ පාසල් සහ වැඩබිම් ආශ්‍රිතව රෝගී තත්ත්වය පැතිරයාම පාලනය කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි.

එමෙන්ම ආසාදිතයින් හඳුනාගැනීමට යොදාගන්නා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට සෞඛ්‍ය නිලධාරී කාර්යාල සතුව නොමැති බව ද ඔහු සඳහන් කළා.

පවතින ආර්ථික අර්බුදය වැනි කරුණු හේතුවෙන් ඉදිරි දෙසතිය තුළ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් විශාල වශයෙන් බලාපොරොත්තු විය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඊයේ (31) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 113 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 665,739ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?