ඉදිරි දෙසතිය ගැන අනතුරු ඇඟවීමක්

බිම් මට්ටමින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම විශාල වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ පාසල් සහ වැඩබිම් ආශ්‍රිතව රෝගී තත්ත්වය පැතිරයාම පාලනය කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි.

එමෙන්ම ආසාදිතයින් හඳුනාගැනීමට යොදාගන්නා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට සෞඛ්‍ය නිලධාරී කාර්යාල සතුව නොමැති බව ද ඔහු සඳහන් කළා.

පවතින ආර්ථික අර්බුදය වැනි කරුණු හේතුවෙන් ඉදිරි දෙසතිය තුළ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් විශාල වශයෙන් බලාපොරොත්තු විය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඊයේ (31) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 113 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 665,739ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44