ඉදිරිය භයානකයි! කොවිඩ් මරණ ගොඩගැසීමට කන්ටේනර්වල ශීතකරණ සවිකරයි

අධි ශීතකරණ සහිත කන්ටේනර් කිහිපයක් මේ වනවිට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ කොවිඩ් ආසාදිත මෘතදේහ ගබඩා කර තැබීමට යි.

කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මේබව ජාතික පුවත්පතක් වෙත අනාවරණය කර තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයින් විශාල ප්‍රමාණයක් නිවෙස් තුළදීම මරණයට පත් විය හැකි බැවින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි වාර්තා වන්නේ.

එවැනි මරණයකට ලක් වුණු ආසාදිතයින්ගේ මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන අදාළ සිරුරු ගබඩා කිරීමට මෙලෙස අධි ශීතකරණ සවි කළ කන්ටේනර් සූදානම් කළ බව පැවසෙනවා.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් පවසන්නේ මේවන විට කොවිඩ් මළසිරුරු ගොඩගැසීමක් සිදුවි නොමැති බවයි.

එහෙත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බව ඔහු පවසනවා.

නිවෙස් තුළ සිදුවන කොවිඩ් මරණ සහ රෝහල්වලදී සිදුවිය හැකි වෙනත් මරණ පිළිබඳ පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තුරු එම සියලු මෘතදේහයන් තැන්පත් කිරීමට සිදුවන්නේ රෝහල් මෘත ශරීරාගාරයේ වන බැවින් එමගින් එහි ඉඩකඩ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:30
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55


?