ඉදිරියේදී නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා බැඳුනු රාජ්‍ය මූල්‍ය නීති රීති ඇතුළත් කරමින් නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කිරීම සහ එම අරමුණට දායක වූ විවිධ පාර්ශ්වකරුවන් අතර සාර්ථක හවුල්කාරිත්වයන් ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගත්, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා හවුල්කාරිත්ව වේගවත් කිරීමේ උසස් සංසදය අමතමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රටේ තිරසාර සංවර්ධන ප්‍රමුඛතා නිසි මගෙහි පවතින බව සහතික කරන අතරම විවිධ ක්ෂේත්‍ර සහ ප්‍රජාවන්ට ඇති දැඩි බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකාව නිර්භීත පියවර ගෙන ඇති ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ණය තිරසාරභාවය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම කේන්ද්‍ර කරගත් අධිෂ්ඨානශීලී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයකට රජය ප්‍රමුඛත්වය දී ඇති ආකාරය ඔහු වැඩිදුරටත් පැවසුවා.

“රාජ්‍ය මූල්‍ය ඒකාග්‍ර කිරීමේ ක්‍රියාවලියේ වැදගත් අංගයක් වන බදු නොවන ආදායම ඉහළ නැංවීමට අපි පියවර ගනිමින් සිටිනවා. අරමුදල් විසර්ජනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබන්නේ මූල්‍යමය වශයෙන් වඩාත් වැදගත් රාජ්‍ය ව්‍යවසාය වශයෙන් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යි. අපි, රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා බැඳුනු රාජ්‍ය මූල්‍ය නීති රීති ඇතුළත් කරමින් නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා” ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුවත් එක්ක කාටත් කුමන්ත්‍රණ කරන්න බෑ
02:31
Video thumbnail
මේ වගේ මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා
00:48
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54