ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමේ අවදානමක් – හේතුව මෙන්න

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 1200 ක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මෙම කෝටි 1200 න් කෝටි 500 ක් පමණ මාස හයත් වසරත් අතර කාලයක් පැරණි ගෙවීම් පැහැරහැරීම් බවත් ඔක්සිජන් සැපයුම් සදහා පමණක් රුපියල් කෝටි 15 ක් ද, රසායනාගාර සේවා සදහා රුපියල් කෝටි 250 ක් පමණ ගෙවීමට ඇති බවත් රවී කුමුදේශ් මහතා කීය.

මෙම තත්වය හමුවේ සමාගම් ගණනාවක් ඉදිරියේදී සිය සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සැපයුම අදාල සමාගම නතර කළ බවත් ඒ මහතා පැවසීය.

මෙම තත්වය සැලකිල්ලට ගෙන  ගොඩගැහෙන ණය මුදල් ගෙවා දැමීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් ලබා නොදෙන්නේනම් සහ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සේවාවන් අඩාල නොකරමින්, වියදම් පාලනය සදහා දක්ෂ පරිපාලකයන් පත්නොකරන්නේ සෞඛ්‍ය සේවය බරපතල කඩාවැටීමකට ලක්වීම නොවැලක්විය හැකි බව රවී කුමුදේශ් මහතා වැඩි දුරත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?