ඉතාලියේදී ශ්රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්රී ලංකාවේ වෙන්නප්පුව ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් සහ ඔහුගේ පුත්රයායි.
ඔවුන් මෙලෙස මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන්. පසුගියදා සිය ඥාතීන් පිරිසක් සමග ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි ගංගාවක දිය නෑමට ගොස් තිබෙනවා.
25 හැවිරිදි වියේ පසුවූ තම පුත්රයා දියේ ගසාගෙන යනු දුටු 60 හැවිරිදි වියේ පසුවූ පියාද ජලයට පැන තිබේ.
මෙහිදී සැඩ පහරට හසුවී ඔවුන් දෙදෙනාම දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ
