ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක්

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (19) පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ඒ, අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා මෙහිදී පෙන්වා දුන්නා.

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියා.

පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා උතුරු පළාතේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය ද අපේක්ෂා කරන බව සඳහන් කළා.

මෙතෙක් විසඳුම් ලැබී නොමැති ගැටලු රැසක් උතුරේ පවතින බවත් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කර සිටියා.

1994 සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට තවමත් ඉඩම් ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩම් ගැටලුව මාස 03ක් ඇතුළ විසඳීමට මැදිහත් වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදුන් අතර ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයෙන් සහ ඉඩම් අමාත්‍යාංශයෙන් කරණු විමසීමක් සිදුකිරීමට කටුයුතු කරන බව ද පැවසුවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරුණා.

උතුරු පළාතේ ජනතාවගේ නිවාස ගැටලුව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර උතුරු පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනතාවට අවශ්‍ය නිවාස ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති විවිධ අදියරවල පවතින බවත්, ඒ සඳහා තවත් රුපියල් මිලියන තුන්දහසක් පමණ අවශ්‍යව ඇති බවත් නිලධාරීන් පෙන්වා දුන්නා.

ඒ, සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ නිවාස ව්‍යාපෘති රැසක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බවත්, උතුරේ ජනතාවගේ නිවාස ගැටලුවට ද කඩිනම් විසඳුම් ලබාදීමට තමා අපේක්ෂා කරන බවයි.

වව්නියාව වැව සහ තිරික්කුලම් වැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ අවශතා පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබුවා.

දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය, පොහොර ගැටලුව විසඳීම සහ බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව ද අවධානය යොමු වු අතර, ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට භූමිතෙල් ලබාදීමේ දී සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් කරුණු පැහැදිළි කළ අතර, ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිද කරන ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36