ඉගිනිමිටිය ජලාශය වාරිමාර්ග සැලසුම් ශිල්පියෙකු බිලි ගනියි

ඉගිනිමිටිය ජලාශයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ ඊයේ පස්වරුවේ වන අතර, මෙලෙස දියේ ගිලී මරණයට පත් ව ඇත්තේ ඉගිනිමිටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්‍යාලයට අනුයුක්ත ව සේවය කළ 29 හැවිරිදි සැලසුම් ශිල්පියෙකු බවයි වාර්තා වන්නේ.

මොහු රාජකාරි කටයුත්තක් සඳහා මිනුම් කටයුතු සිදු කිරීමට තවත් නිලධාරීන් තිදෙනකු සමග ජලාශය වෙත ගොස් තිබෙනවා.

නමුත් හිටිහැටියේ එක් අයෙකු අතුරුදන් බවට දැනගැනීමෙන් පසු ව අනෙක් නිලධාරීන් සිදු කළ සොයා බැලීමක දී දැක ඇත්තේ එම තරුණයා දියේ ගිලී ඇති බවයි.

අනතුරුව දියේ ගිලී සිටි තරුණයාගේ දේහය ගොඩට ගෙන ඒමට නවගත්තේගම පොලීසිය සහ ඉගිනිමිටිය ජනතාව එක් ව කටයුතු කර තිබුණා.

මෙලෙස මරණයට පත් ව ඇත්තේ සමීර සඳරුවන් ප්‍රේමසිරි නම් විවාහක පුද්ගලයෙක්.

දේහය ගොඩගැනීම කරුවලගස්වැව හදිසි මරණ පරීක්ෂක විජය සමරතුංගගේ සහභාගීත්වයෙන් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03