AFC Banner
Empty Ad
Empty Ad

ඉක්වදෝරයේ ජනපති අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ඉක්වදෝරයේ ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු කළ අපේක්ෂකයෙකු ප්‍රචාරක රැලියකදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ක්විටෝ අගනුවර පැවති උත්සවයක් අවසානයේ පිටව යන විට ජාතික සභාවේ සාමාජිකයෙකු ද වන ප්‍රනාන්දු විලවිසෙන්සියෝ (Fernando Villavicencio) මෙලෙස ප්‍රහාරයට ලක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඉක්වදෝරයේ සංවිධානාත්මක අපරාධ සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධකම් ඇති බවට චෝදනා කරන අපේක්ෂකයන් කිහිප දෙනාගෙන් කෙනෙක් ලෙසට සැලකෙනවා.

Los Lobos (Wolves) නම් අපරාධ කල්ලියක් මෙම ඝාතනයේ වගකීම භාරගෙන තිබෙනවා.

Los Lobos යනු සාමාජිකයින් 8,000ක් පමණ සිටින ඉක්වදෝරයේ දෙවන විශාලතම කල්ලිය වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පසුවන්නේ සිරගතවයි.

මෙම කල්ලිය මෑත කාලීනව බන්ධනාගාර තුළ සටන් රැසකට ද සම්බන්ධ වී ඇති අතර, රැඳවියන් විශාල සංඛ්‍යාවක් අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

Los Choneros කල්ලියෙන් වෙන් වූ කන්ඩායමක් වන Los Lobos විසින් කොකේන් ජාවාරම් කරන මෙක්සිකෝව පදනම් කරගත් Jalisco New Generation Cartel (CJNG) සමග ද සම්බන්ධකම් ඇති බවට විශ්වාස කෙරෙනවා.

ජනපති අපේක්ෂකයා ඝාතනය පිළිබඳ සැකය මුලින්ම එල්ල වී තිබුණේ පසුගිය සතියේ විලිවිසෙන්සියෝ මහතාට තර්ජනය කළ ලොස් චෝනෙරෝස් වෙත වුව ද ලොස් ලොබොස් එහි වගකීම භාර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉක්වදෝරය ඓතිහාසික වශයෙන් ලතින් ඇමරිකාවේ සාපේක්ෂ වශයෙන් ආරක්ෂිත සහ ස්ථාවර රටක් වී තිබෙනවා.

නමුත් මෑත වසරවලදී අපරාධ ඉහළ ගොස් ඇති අතර, දේශීය අපරාධ කල්ලිවලට රිංගා ඇති කොලොම්බියානු සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වර්ධනයෙන් යළි අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ඝාතනය සිදු වන්නේ ජනාධිපතිවරණයට සති දෙකකටත් අඩු කාලයක් පවතින අවස්ථාවක වන අතර, මේ හේතුවෙන් අනාරක්ෂිත භාවය පිලිබඳ ප්‍රශ්නය යළිත් ප්‍රධාන වශයෙන් අවධානයට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?