ඉක්වදෝරයේ ජනපති අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ඉක්වදෝරයේ ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු කළ අපේක්ෂකයෙකු ප්‍රචාරක රැලියකදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ක්විටෝ අගනුවර පැවති උත්සවයක් අවසානයේ පිටව යන විට ජාතික සභාවේ සාමාජිකයෙකු ද වන ප්‍රනාන්දු විලවිසෙන්සියෝ (Fernando Villavicencio) මෙලෙස ප්‍රහාරයට ලක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඉක්වදෝරයේ සංවිධානාත්මක අපරාධ සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධකම් ඇති බවට චෝදනා කරන අපේක්ෂකයන් කිහිප දෙනාගෙන් කෙනෙක් ලෙසට සැලකෙනවා.

Los Lobos (Wolves) නම් අපරාධ කල්ලියක් මෙම ඝාතනයේ වගකීම භාරගෙන තිබෙනවා.

Los Lobos යනු සාමාජිකයින් 8,000ක් පමණ සිටින ඉක්වදෝරයේ දෙවන විශාලතම කල්ලිය වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පසුවන්නේ සිරගතවයි.

මෙම කල්ලිය මෑත කාලීනව බන්ධනාගාර තුළ සටන් රැසකට ද සම්බන්ධ වී ඇති අතර, රැඳවියන් විශාල සංඛ්‍යාවක් අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

Los Choneros කල්ලියෙන් වෙන් වූ කන්ඩායමක් වන Los Lobos විසින් කොකේන් ජාවාරම් කරන මෙක්සිකෝව පදනම් කරගත් Jalisco New Generation Cartel (CJNG) සමග ද සම්බන්ධකම් ඇති බවට විශ්වාස කෙරෙනවා.

ජනපති අපේක්ෂකයා ඝාතනය පිළිබඳ සැකය මුලින්ම එල්ල වී තිබුණේ පසුගිය සතියේ විලිවිසෙන්සියෝ මහතාට තර්ජනය කළ ලොස් චෝනෙරෝස් වෙත වුව ද ලොස් ලොබොස් එහි වගකීම භාර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉක්වදෝරය ඓතිහාසික වශයෙන් ලතින් ඇමරිකාවේ සාපේක්ෂ වශයෙන් ආරක්ෂිත සහ ස්ථාවර රටක් වී තිබෙනවා.

නමුත් මෑත වසරවලදී අපරාධ ඉහළ ගොස් ඇති අතර, දේශීය අපරාධ කල්ලිවලට රිංගා ඇති කොලොම්බියානු සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වර්ධනයෙන් යළි අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ඝාතනය සිදු වන්නේ ජනාධිපතිවරණයට සති දෙකකටත් අඩු කාලයක් පවතින අවස්ථාවක වන අතර, මේ හේතුවෙන් අනාරක්ෂිත භාවය පිලිබඳ ප්‍රශ්නය යළිත් ප්‍රධාන වශයෙන් අවධානයට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26