ඇෆ්ගනුන්ගෙන් එංගලන්තයට අදහාගත නොහැකි දැවැන්ත ලකුණු පුවරුවක්

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් එක්දින පිටියේ ඉහළතම ලකුණු සංඛ්‍යාවක් ලැබූ වාර්තාව තමන් සතු කරගන්නට ඊබ්‍රහීම් සද්‍රාන් සමත් වුණා.

ඒ ලාහෝර් හි දී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය දී පළමු ව පන්දුවට පහරදෙමින්.

ඊබ්‍රහීම් අද (26) දිනයේ දී සිය සයවැනි එක්දින ශතකය ද ලබා ගත්තා.

ඔහු ඇග්නිස්තානයේ බිඳ වැටී තිබූ ලකුණු පුවරුව ශීඝ්‍රයෙන් ඔසවමින් සිය ඉනිම විශිෂ්ටත්වයකට පත් කරගත්තේ පන්දු 146කදී දැවැන්ත ලකුණු 177ක් ලබා ගනිමින්.

සද්‍රාන්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 06ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

ඊබ්‍රහීම් සද්‍රාන් මීට පෙර සිය වැඩිම ලකුණු ලබා සිටියේ ලකුණු 162ක්.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

ඔහුට අනගි සහායක් දෙමින් මොහොමඩ් නබී පන්දු 24කදී වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා.

අෂ්මතුල්ලා ඔමර්සායි ලකුණු 41ක් සහ ෂහිඩි ලකුණු 40ක් රැස් කළා.

ඒ අනුව ඇෆ්ගනුන්ගෙන් එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 326ක්.

කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආර්චර් කඩුලු 03ක් සහ ලිවින්ග්ස්ටෝන් කඩුලු 02ක් බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් ජැමී ඕවර්ටන් සහ අඩිල් රෂීඩ් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ වනවිට දෙපිළම මුහුණ දුන් පළමු තරගය පරාජයට පත් ව ඇති අතර අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයටම තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?